ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක, සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සිසුන් 3 දෙනෙකු මිය යයි; ගුරුවරයෙකු ඇතුළු 8කට තුවාල

0
378

ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පාසලක, සිසුවෙකු කළ වෙඩි තැබීමකින් සිසුන් 3 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම වෙඩි තැබීමෙන් ගුරුවර‍යෙකු ඇතුළු තවත් අට දෙකු වෙඩි වැදි තුවාල ලබා ඇති බව බලධාරීහු පවසති. ඔවුන් විවිධ ප්‍රාදේශීය රෝහල් තුනකට ඇතුළත් කර ඇත.

දෙදෙනකු ශල්‍යකර්මයකට යොමු කර ඇති අතර හය දෙනකු වෙඩි වැදී තුවාල සහිතව යහපත් තත්ත්වයේ පසුවන බව ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ අන්ඩර්ෂෙරිෆ් මයික් මැකේබ් සාකච්ඡාවකදී පැවසීය.

15 හැවිරිදි සිසුවෙකු විසින් අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

වෙඩි තැබූ සැකකරු 15 හැවිරිදි පිරිමි සිසුවකු වන අතර විනාඩි පහක් ඇතුළත අත්අඩංගුවට ගත් බව එරට බලධාරීහු පවසති.

වෙඩි ප්‍රහාරයෙන්  මියගොස් ඇත්තේ වයස අවුරුදු 16ක පිරිමි ළමයෙකු සහ 14 හැවිරිදි සහ 17 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් දෙදෙනෙකු සැත්කමක් සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here