අර්ජුන සමග නවීන් සමග එකඟතාවක

0
325

අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙමින් යොමු කළ ලිපියෙන් පෙන්වාදී ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතවාදීව තමන්ගේ ද එකඟතාවක් ඇති බව හිටපු අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අර්ජුන රණතුංග මහතාගේ ලිපියේ අවසන් කොටසට තමන්ටද මතවාදීව එකඟ වීමට සිදුවන බවයි.

පක්ෂයේ පැහැදිලි වෙනසක් බලාපොරොත්තු වුවද එම බලාපොරොත්තු යම් කිසි ආකාරයකින් සුන් වී ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමන් තනතුරු වෙනසක් පමණක් බලාපොරොත්තු නොවූ බවත් ඉහළ සිට පහළට සියල්ල ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් නවීන් දිසානායක මහතා සඳහන් කරනවා.

අවංකවම අවශ්‍ය වෙනස්කම් කිරීමට පක්ෂ නායකත්වය එකඟ විය යුතු බවද ඔහු පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here