Friday, September 20, 2024

මැතිවරණ වියදම් පාලනයට අදාළ නීති කෙටුම්පතකට අමාත්‍ය මණ්ඩල ඇනුමැතිය

මැතිවරණ වියදම් පාලනය සඳහා විධි විධාන සලසන නීති සංශෝධන කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඡන්ද විමසිම්වලදි අපේක්ෂකයන් හා පක්ෂය විසින් දරන වියදම් පාලනය මෙහි අපේක්ෂාව වනවා.

පාර්ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීම් ව්‍යුහය හා නිතිරිතිවලට අදාල ප්‍රතිසංස්කරණ හදුනාගෙන සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා මින් පෙර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම කාරක සභාව විසින් අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර එකඟතාවයට එළඹ ඇති කරුණුද සැලකිල්ලට ගනිමින් යෝජිත සංශෝධන කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දිමට මෙලෙස අනුමැතිය හිමි වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles