BOI ඉහළ පුටුවල අයගේ වැටුප්වලට කැබිනට් අනුමැතිය

0
318

ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සඳහා ලොකු වැටුපකට අලුතින් නිලධාරීන් පිරිසක් පිටින් බඳවා ගැනීමේදී මහා භාණ්ඩාගාරය විසින් අදාළ නිර්දේශය කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලැබුණු බව ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා පවසනවා.

මෙම නිලධාරීන් ඉහළ වැටුප් ලබමින් කලින් පෞද්ගලික අංශයේ සේවය කළ අය බවද සඳහන්.

විශාල මාසික වේතන ගෙවමින් පුද්ගලයන් හත් දෙනෙකු ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී පසුගියදා මතු වූ කාරණය ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් ආයෝජන මණ්ඩල සභාපතිවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here