මෙම වසරේ පළමු මාස 10 තුළ තෙල් සංස්ථාවට කෝටි 7,000ක පාඩුවක් – ගමිමන්පිලගෙන් හෙළිදරව්වක්

0
296

ඉන්ධන මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 10 තුල පමණක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කෝටි 7,000 ක පාඩුවක් ලබා තිබෙන බව සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඉන්ධන මිල සංශෝධනය නොකිරීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 10 තුල පමණක් ඛණිජතෙල් නීතිගත සංස්ථාව කෝටි 7,000 ක පාඩුවක් ලබා තිබෙන බව සපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා.

පසුගිය මාස 6දී ඉන්ධන මිල වැඩි නොකළ ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව බව කී ගම්මන්පිල මහතා සඳහන් කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව විකුණා දැමීමට කිසිදු සූදානමක් නැති බවත් එය මිලදී ගැනීමට තවමත් කිසිවකුත් ඉදිරිපත්වී නොමැති බවත් ප්‍රකාශ කළා.සපුගස්කන්ද තෙල් පිරිපහදුව නුදුරේදීම විවෘත කිරීමට පියවර ගන්නා බවත් එය දින 50කින් එය විවෘත කරන බව තමා මුලින් පැවසුවත් ඊට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ගම්මන්පිල මහතා පවසනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here