ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කරන්න ගැමුණු ඉල්ලයි

0
317

ජනවාරි මස 01 වෙනිදා සිට පෞද්ගලික බස් රථ ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙස පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ඉල්ලා සිටිනවා.

ඔහු පවසන්නේ ජනවාරි පළමු වැනිදා සිට ගාස්තු වැඩි විය යුතු බවයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් ඒ සඳහා වන යෝජනාව ලබන සතියේ යොමු කරන බවයි ඔහු සඳහන් කළේ.

අවම බස් ගාස්තුව රුපියල් 20 ක් හෝ විය යුතු බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ.

”අකමැත්තෙන් වුවත් තීරණය කළා. ජනවාරි පළවෙනිදා සිට බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අපි ලබන සතියේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවටත් ප්‍රවාහන අමාත්‍යංශයටත් අපි යොමු කරනවා. බොහෝ දුරට අවම ගාස්තුව රුපියල් 20ක් වත් විය යුතුයි කියලා තමයි අපේ යෝජනාව” යනුවෙන් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here