හම්බන්තොට වරාය බදු දීල තියෙන්නේ අවුරැදු 70 කට නිසා ගිවිසුම අවලංගු කර නැවත ලංකාවට පවරා ගන්න පුළුවන්

0
380

හම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70කට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර ඕනෑම මොහොතක වරාය මෙරටට පවරා ගත හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

2022 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අද (02) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පළ කළ අදහසකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මෙම වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70කට නොව අවුරුදු 99කට බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන ආකාරයෙන් අදාළ ගිවිසුම් එක රැයකින් ඉරා දැමීමට නොහැකි බවත් එහිදී අදහස් පළ කරමින් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here