දඹුල්ල වයිකින්ග්ස් හිමිකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු මඟට

0
308

LPL පළමු අදියරේ ක්‍රීඩා කළ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ IPG ආයතනයට එරෙහිව නීතීමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.

එම ආයතන දෙක ගිවිසුම් කඩකරමින් තම කණ්ඩායම් හිමිකාරිත්වය අහිමි කළ බව ද දඹුල්ල වයිකින්ග්ස් හිමිකරු සචින් ජෝශි ඊයේ (01) පැවති මාධ්‍ය හමුවක දී අනාවරණ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ ඒ සම්බන්ධයෙන් IPG ආයතනයෙන් කළ විමසුම් වලදී කොළඹ හෝ නුවර කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක හිමිකාරිත්වය තමන්ට ලබා දෙන බවට පැවසුව ද එය ද මෙතෙක් සිදු නොවූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here