මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් !

0
297

විදිමත් මුල්‍ය පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරනු ලබන සහ එසේ මුදල් බෙදාහරිනා පුද්ගලයින්ට මහ බැංකුව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.

ඒ, එවැනි කටයුතුවල නිරත වන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව අවධාරණය කරමිනි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයීම් නැවත ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here