වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ GMOA සභාපතිකම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කරයි

0
336

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

මොරටුව දිසා අධිකරණය විසින් ඊයේ (2) දින මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.

එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here