ඔමික්‍රෝන් ලංකාවටත් – මෙරට පළමු ඔමික්‍රෝන් ආසාදිතයා හඳුනා ගනී

0
380

කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත අයෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කර තිබෙි.

ඒ අනුව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයෙකු ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඔහු පවසන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි සංචාරකයෙකුට මෙලෙස ඔමික්රෝන් වෛරසය අසාධනය වී ඇති බවයි.

අදාළ පුද්ගලයා දිවයිනට පැමිණීමෙිදී ගුවන් තොටුපළේදී සිදු කළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙිදී මෙම තත්ත්වයක් අනාවරණය වූබව වාර්තා වෙි.

දකුණු අප්‍රිකාවෙන් මෙම ප්‍රභේදය මුලින්ම සොයා ගැනුණි .

ඊයේ දිනයේ දී අසල්වැසි ඉන්දියාවෙන් ද ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.

වෛරසය ඉතා වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයද පැවසු අතර මේ වනවිට රටවල් කිහිපයකටද ව්‍යාප්ත වී තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here