උපාධිධාරීන් 8000ට රැකියා

0
400

පසුගිය 23 වෙනිදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ තොරතුරු දැනගැනීමේ පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු සන්නිවේදන නිලධාරීන් වශයෙන් උපාධිධාරීන් 8000ක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ.

විශ්වවිද්‍යාලවලින් පිටවන තරුණ තරුණියන් මේ සඳහා බඳවා ගැනෙන අතර මෙම නව නිලධාරීන් මඟින් රජයේ ආයතන 4000ක පමණ තොරතුරු කඩිනමින් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තොරතුරු සන්නිවේදන නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති තීරණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුවන් විසින් ලබන මාසයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරේ. මෙවැනි තනතුරක් සඳහා උපාධිධාරීන් බඳවාගන්නා පළමු අවස්ථාව මෙයයි.  DINAMINA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here