ජනපති කොල්ල කෑ ජනතා මුදල් ආපසු ගෙවන්න නියෝග

0
328

තම පෞද්ගලික නිවසේ නවීකරණ කටයුතු හා ඉදිකිරීම වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජැකොබ් සූමා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන වැය කළ ඩොලර් 509,000 ක මුදලක් දකුණු අප්‍රිකානු රජයට ගෙවිය යුතු බව එරට භාණ්ඩාගාරය නිර්දේශ කරයි.මෙම වසර මුලදී ද ඔහු විසින් පුද්ගලික නිවස වෙනුවෙන් වැය කළ මහජන අරමුදල් ඩොලර් මිලියන 23ක් නැවත ගෙවන ලෙස එරට අධිකරණය නියෝග කරන ලදී.

ඔහු විසින් මෙම මුදල් යොදවා ඇත්තේ රංගභූමියක්, පිහිණුම් තටාකයක්,කුකුළු සහ ගව කොටු ඉදිකිරීම සඳහාය.

මේ අනුව දින 45 ක් තුළ සම්පූර්ණ මුදලින් 3% ක් පමණ සූමා ගෙවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here