කොන්දේසි 03 කට යටත්ව ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරියෙන් ගෑස් සමාගම්වලට හෙට සිට අවසර

0
297

කොන්දේසි 3ක් යටතේ හෙට (05) සිට ගෘහස්ථ ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගෑස් පිළිබඳව සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව අදාළ තාක්ෂණික කමිටුව එම නිර්දේශ නිකුත් කර ඇති බවය.

අදාළ කොන්දේසි වන්නේ,

  1. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් නොකිරීම.
  2. නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගද සුවඳ හඳුනා ගැනීම සඳහා මාර්කප්ටන් අඩංගු කිරීම.
  3. මෙම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කර Serial Number කර පාරිභෝගික කටයුතු අධිකාරියට ලබාදීම.

මෙරට ගෑස් අලෙවි කරන වෙළෙඳ සමාගම් දෙක වෙත මෙම කොන්දේසි අදාළ වෙයි.

මේ අතර ගෘහස්ත ගෑස් රැගත් නෞකා කොළඹ වරායට සේන්දුවී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

ඒ අනුව එම නෞකාවල පරීක්ෂා කරන ලද ගෑස් සාම්පල නියමිත ප්‍රමිතියට අනුකූල බව පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here