චීනයෙන් තායිවානය ආරක්ෂා කිරීමට හැකි බවට ඇමරිකානු හමුදාවෙන් ප්‍රකාශයක්.

0
470

චීනයෙන් ආක්‍රමණයක් සිදුවුවහොත් තායිවානය ආරක්ෂා කිරීමට හැකි බවට ඇමරිකානු හමුදා ප්‍රධානියෙකු ප්‍රකාශ කර තිබේ.

ඇමරිකානු ඒකාබද්ධ මාණ්ඩලික සභාපති ජෙනරාල් මාක් මිලී පවසන්නේ එවැනි තත්වයකදී තායිවානය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් එය ඉටුකිරීමට ඇමරිකාවට උපරිම හැකියාවක් ඇති බවයි.

කෙසේවෙතත් ,ඉදිරි මාස 24ක කාලය තුළදී චීනය තායිවානය ආක්‍රමණය කරනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවද ජනරාල් මිලී සදහන් කර තිබේ.

ආරක්ෂක සමුළුවක් අමතමින් ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ නුදුරැ අනාගතයේදී නොවුණත් චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමට ඉඩකඩ ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here