Saturday, November 16, 2024

පාකිස්තාන අගමැතිගෙන් ජනපති ගෝඨාභය ට පොරොන්දුවක්

පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 100 කට වැඩි දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අද (04) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් දන්වා ඇත.

ජනාධිපති ගෝඨභාය රාජපක්ෂ මහතා සමග මෙම සිද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් , එසේම අත්අඩංගුවට ගත් එම පිරිසට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත අද සවස දැනුම් දුන් බවද පකිස්තාන අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සීටී.

එම ඝාතනය සිදුකළ පුද්ගලයින් ට එරෙහිව උපරිම දඬුවම් දෙන බවට ඔහු ශ්‍රී ලංකා ජනපතිවරයාට පොරොන්දු වී තිබේ.

පාකිස්තානයේදී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ෆර්හාන් ඉද්‍රීස් නම් පුද්ගලයා ඇතුළු පුද්ගලයින් 120දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.මෙම ප්‍රධාන සැකකරු TPL නමැති දැඩි මතධාරී දේශපාලන සංවිධානයක සාමාජිකයකු බව අනාවරණ වී තිබේ.

කෙසේවෙතත් තවදුරටත් සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වනවිට පංජාබ් හි පොලිස් කණ්ඩායම් 10ක් අනුයුක්ත කර තිබේ.

අද පස්වරුවේ ප්‍රකාශයක් කරමින් පන්ජාබ් ආණ්ඩු මාධ්‍ය ප්‍රකාශක හසාන් කවාර් සඳහන් කර තිබුණේ මේ වනවිට හඳුනාගෙන ඇති ප්‍රධාන විත්තිකරුවන් වන්නේ ෆර්හාන් ඉද්‍රීස් සහ උස්මාන් රෂීඩ් යන අයට එරෙහිව පොලීසිය ත්‍රස්තවාදී විධිවිධාන යටතේ නඩු පවරන බවය.

පාකිස්තානයේ සියල්කොට් හී ඝාතනයට ලක්වූයේ එහි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු වූ ප්‍රියන්ත කුමාර මහතාග් දේහය සඳුදා දිනයේදී මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles