Saturday, November 16, 2024

ශ්‍රී ලාංකික ඉංජිනේරුවා ඝාතනයට එරෙහිව යුක්තිය ඉටු කරන්නැයි බිරිඳ පාකිස්තාන රජයෙන් ඉල්ලයි

පාකිස්තානයේදී තම සැමියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කර යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් ඉංජිනේරු ප්‍රියන්ත කුමාරගේ බිරිඳ පාකිස්තාන රජයෙන් සහ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන්නීය.

පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක කළමනාකරුවෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණි.

ඊට සම්බන්ධ සැකකරුවන් සිය දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලාංකිකයා පුලුස්සා දැමූ සිකුරාදා සිය ජාතිය අවඥාවට ලක් කළ දිනයක් ලෙසින් හඳුන්වන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, වැරදිකරුවන් සියලු දෙනාට නීතිය ප්‍රකාර උපරිම දඬුවම් දෙන බවට සපත කර ඇත.

එසේම ඔහුගේ බිරිඳ සහ පවුලේ අය වෙත සංවේගය පළ කරන අතරම අගමැති ඉම්රාන් ඛාන් මෙම සිද්ධියට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවනු ඇතැයි ශ්‍රී ලංකික ජනතාව විශ්වාසයෙන් පසුවන බවද අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර මහජන යුතුකම් කේන්ද්‍රෙය් සභාපති පූජ්‍ය ජඹුරලියේ චන්දරතන හිමියන් විසින් අද පෙරවරුවේ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට සහ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයට පැමිණ මෙම සිද්ධියට විරෝධය පා සංදේශ භාර දෙනු ලැබීය.

මියගිය ප්‍රියන්තගේ පවුලේ සාමාජිකයන් හට ප්‍රමාණවත් වන්දි මුදලක් ගෙවන ලෙසටද උන්වහන්සේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් , ඒ සම්බන්ධයෙන් මේ වන විට පාකිස්තානය ගෙන ඇති ක්‍රියා මාර්ග අගය කරන බවත් සඳහන් කරමින් සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට සංදේශයක් භාර දුනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles