අනුර ජනාධිපති කරලා ජවිපෙ ආණ්ඩුවක් ඔින කියලා අද රට පුරා ජනතාව කතා වෙනවා – විජිත හේරත්

0
316

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුතු රට හදන ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණ විසින් පිහිටුවිය යුතු බවට අද රට පුරා හැමතැනම ජනතාව කතා වෙන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

‘ජනතා විමුක්ති පෙරමුණ රට දීලා බලමු’ යනුවෙන් අද රටේ සෑම තැනකම කතාවන බවද ඔහු පවසයි.

එනිසා ඒ පිළිබඳව මේ වන විට ජනතාව සමඟ පුළුල් සංවාදයක යෙදෙන බවද ඒ මහතා කියා සිටියේය.

පවතින පාලනය වෙනස් කළ යුතු බව ජනතාවක් අද එක හඬින් කියා සිටින බව එම සාකච්ඡාවල දී පෙනී යන බවද මන්ත්‍රීවරයා තව දුරටත් පවසයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්චාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here