ඊළග පොදු අපේක්‍ෂක වෙන්න මං ලෑස්තියි

0
335

එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට ආරාධනා කළහොත් ඊට අකමැත්තක් නැතැයි හිටපු ක්‍රිකට් නායක සහ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කලබල වීමට අවශ්‍ය නැතැයි ද කී ඔහු හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනය කරන්නේ නම් ඊට අකමැත්තක් නැතැයිද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමේ ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

පාකිස්ථානයේ ඉම්රාන් ඛාන් යනු කියූ දේ කරන නායකයෙක් බවත් එවන් නායකයන් ලෝක දේශපාලනය තුල හරිම අඩු බවද පැවසු රණතුංග මහතා තමා රටට අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඊට ඉදිරිපත් වන බවද කියා සිටියේය.

අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ඉල්ලා අස් වෙමින් ඒ බව පක්ෂයට ලිඛිතව දැනුම් දීමට ද මෑතක දී කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here