ජවිපෙ ඉදිරියේදී කිසිදු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරණය කරයි

0
332

ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී කිසිදු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරණය කර බව එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

එම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීමෙන් ජනතාවගේ හෝ රටේ සුබසිද්ධිය සඳහා කිසිදු වැඩපිළිවෙළක් දියත් කිරීමට පක්ෂයට නොහැකි වූ බවට ග්‍රාමීය සාමාජිකයන් බහුතරයක් චෝදනා එල්ල කිරීම නිසා බව පැවසේ.

ජවිපෙ විසින් මේ දිනවල ආරම්භ කොට ඇති ‘ගමින් පටන් ගනිමු’ තේමාව යටතේ සාමාජිකයන් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්වලදී ලැබුණු අදහස් හා යෝජනා එහි දේශපාලන මණ්ඩලයේ බලවත් සාකච්ඡාවට ලක්වී තිබේ.

ජවිපෙ කිසිදු ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක් සමග සන්ධානගත නොවීමට තීරණයක් ගෙන ඇතත් ජවිපෙ ප්‍රබල සංවිධාන 29ක සහභාගිත්වයෙන් පිහිටුවා ඇති ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති හා අරමුණු පිළිගන්නා ඕනෑම දේශපාලන සංවිධානයකට ඊට සම්බන්ධ විය හැකි බවද ඔහු සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here