මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යාංශ ලේකමි කැබිනටිටුවට කැඳවන්නැයි ඇමතිවරැ පිරිසක් ජනපතිගෙන් ඉල්ලයි

0
288

රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදය විසඳීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කැබිනට් මණ්ඩලයට කැඳවන්නැයි රජයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත .

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සදුදා පැවැති සතියේ කැබිනට් රැස්වීමේදී ඇමතිවරුන් පිරිස මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ඩොලර් හිඟය හේතුවෙන් ආර්ථිකයේ බරපතළ ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් ඒ සඳහා වහා විසඳුමක් ලබා දෙන්නැයි ඇමතිවරුන් එහිදී පෙන්වා දී ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි .

ඩොලර් අර්බුදය විසඳීම සඳහා රජය ගන්නා ක්‍රියා මාර්ගය කුමක්දැයි ජනතාව දැනුවත් කළ යුතුව ඇති බවත්, ඊට පෙර මේ සම්බන්ධයෙන් ඇමතිවරුන් දැනුවත්වීම වැදගත් බවත් ,එම ඇමතිවරුන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

මේ අනුව ,මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන් මේ සතියේ හෝ ලබන සතියේ කැබිනට් රැස්වීමට කැඳවීමට බොහෝදුරට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here