අවුන් සාන් සුකී ට සිවි වසරකට සිරදඬුවම් විඳින්න වෙයි

0
394

බලයෙන් පහකෙරුණු මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ව සිරදඬුවම් ලබාදීමට එරට විශේෂ අධිකරණයක් නියෝගකර තිබේ.

මේ දිනවල ඇයට එරෙහිව නඩු කිහිපයක් විභාග වන අතර මෙම දඬුවම නියම කර ඇත්තේ එහි පළමු නඩුවේ තීන්දුව අනුව ය.

එමහින් සුකී ව වසර 4ක සිරදඬුවමක් ලබාදී තිබුණි. ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ අනෙකුත් නඩු ඇසීමෙන් අනතුරුව ඇයව ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කිරීමට ඉඩ ඇති බවය.

ස්වාභාවික අපදා නීතිය යටතේ “විරෝධය පෑම සහ කොවිඩ් නීති කැඩීම” යන චෝදනා සම්බන්ධයෙන් ඇය වැරදිකරු බව අධිකරණය නියෝග කර තිබුණි.

අවුන් සාන් සුකී ට එරෙහිව චෝදනා 11 ක් ගොනුකර තිබු අතර ඇය එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළාය.

76 හැවිරිදි වියේ පසුවන අවුන් සාන් සුකී ව හමුදා කුමන්ත්‍රණයක් ඔස්සේ පසුගිය පෙබරවාරි මාසයේදී බලයෙන් පහ කිරීමට එරට හමුදා ප්‍රධානියා කටයුතු කළේය.

ඊට පෙර පැවති මහ මැතිවරණයේදී දූෂණ සිදුකළ බවට චෝදනා එල්ලකරමින්, හමුදාව එරට රජය පෙරලා දමා බලය ඩැහැ ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here