අද මධ්‍යම රාත්‍රියෙන් පසු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අවසන්…

0
325

අදදිනයෙන් පසුව, මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අවසන් වෙනවා. නමුත්, එ්වායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි පාලන කටයුතු විශේෂ කොමසාරිස්වරුන් යටතට පත් කෙරෙන බවයි වාර්තා වෙන්නේ. දිවයින පුරා පළාත් පාලන ආයතන 313 කම නිල කාලය මේ වන විට අවසන්. දිවයින පුරා ඇති මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 336කි.

ප්‍රාදේශීය සභා 5 ක්, එක් නගර සභාවක් සහ මහනගර සභා 17 ක් අදින් නිල කාලය අවසන් වන පළාත් පාලන ආයතන අතර ඇත. කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දෙහිවල/ගල්කිස්ස, මොරටුව, ගම්පහ, මීගමුව, කුරුණෑගල, මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, රත්නපුර, අනුරාධපුර, කල්මුනේ, ගාල්ල, මාතර සහ හම්බන්තොට යන මහනගර සභාවල නිල කාලයද අදින් අවසන් වේ.

කොලොන්නාව නගර සභාවේ නිල කාලයද අදින් අවසන් වෙන අතර, කොටිකාවත්ත මුල්ලේරියාව, කුණ්ඩසාලේ, කඩවත් සතර, ගඟවට කෝරලේ, සූරියවැව සහ හම්බන්තොට යන ප්‍රාදේශීය සභා වල නිල කාලයද අදින් අවසන් බව සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here