Tuesday, April 30, 2024

තරැණ ළමයින් පුද්ගලයෙකු මරා පුලුස්සා දැමීම එතරම් නරකත් යැයි කීමට නොහැකියි යැයි කියමින් පකිස්තාන ආරක්ෂක ඇමති ප්‍රියන්ත කුමාරගේ ඝාතනය සාධාරණීකරණය කරයි

පාකිස්තානයේ සියල්කොට් හි දී ප්‍රචණ්ඩකාරී මැර පිරිසක් විසින් අමානුෂික ලෙස ඝාතනය කරන ලද ශ්‍රී ලංකා කළමනාකරු ප්‍රියන්ත කුමාර ඝාතනය පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාධාරණීකරණය කර තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක් කියා සිටියේ, තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි බවයි.

පාකිස්තාන් ඩේලි වෙබ් අඩවියේ සංස්කාරකවරයා වන හම්සා අසාර් සලාම් ආරක්ෂක අමාත්‍ය පර්වයිස් ඛට්ටක්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එම ට්විටර් පණිවිඩයට අනුව ආරක්ෂක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles