ප්‍රියන්ත කුමාරගේ මෘත දේහයේ අවශේෂ කොටස් රැගත් ගුවන් යානය දිවයිනට

0
522

පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික අන්දමින් ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ කොටස් රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 186 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

ප්‍රියන්ත කුමාර මහතාගේ මෘත දේහයේ අවශේෂ කොටස් ඔහු පදිංචිව සිටි ගනේමුල්ල, කැන්දලියද්ද පාලුවේ ළගම ඥාතීන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

ඒ අද (06) පස්වරු 5.06 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් මෙරට දී සිදු කිරීමට නියමිත අතර, මීගමුව රෝහලේ දී එම පරීක්ෂණය සිදු කිරීමෙන් පසු අනිද්දා දිනයේ දී අවසන් කටයුතු සිදු කිරීමට ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාරගේ ඥාතීන් සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here