Monday, September 23, 2024

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් – කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය කියයි

ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘතිතා 32 ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බව කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

ඔමික්‍රෝන් ප්‍රභේදය එන්නත්වලට ඔරොත්තු නොදෙන බවට මෙතෙක් පැහැදිලි සාක්ෂි ලැබී නොමැති බව ද කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

ඔමික්‍රෝන් කියන ප්‍රභේදයේ, මේකේ විකෘතිතා 32ක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඩෙල්ටා ප්‍රභේදයේ 23 ක් වගේ, ඇල්ෆා ප්‍රභේදයේ 8 යි වගේ. දැනට මේකෙන් මරණ වාර්තා වෙලා නෑ. මේ ඔමික්‍රෝන් කියන ප්‍රභේදය එන්නත් වලට ඔරොත්තු නොදෙනවයි කියලා පැහැදිලි සාක්ෂි දැනට නෑ.” යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles