ඇෆ්ගන් හමුදාවේ සිටි අය ඝාතනය කරන බවට තලේබාන් සංවිධානයට චෝදනා.

0
299

ඇෆ්ගනිස්තාන හමුදාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන් මරා දමන බවට තලේබාන් සංවිධානයට චෝදනා එල්ල වී තිබේ.

ඔවුන්ව අත්අඩංගුවට ගෙන නඩු විභාගයක් නොමැතිව මරා දැමීම මෙන්ම බලහත්කාරයෙන් පැහැරගෙන යාමද සිදුවන බව හියුමන් රයිට්ස් වොච් අනාවරණය කර ඇත.

අගොස්තු 15 සිට ඔක්තෝබර් 31 දක්වා කාලය තුළ එළෙස ඝාතනයට සහ පැහැරගෙනයාමට ලක්ව ඇති පිරිස 47 දෙනෙකු බව පැවසේ.

එහෙත් එම සංඛ්‍යාව සියයකට වැඩි බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

අමරිකාව, කැනඩාව,මෙන්ම යුරෝපා රටවල් ගණනාවක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මෙම තත්වය හෙළා දැක ඇති අතර ඔවුන් අවධාරණය කර ඇත්තේ මෙය වහාම නැවැත්විය යුතු තත්වයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here