පොලිස් අත්අඩංගුවේ සිටි කම්කරුවෙකු ඝාතනය කිරීම හේතුවෙන් පකිස්තානයේ විරෝධතා

0
348

පකිස්ථානයේ තට්ටාහිදී අත්අඩංගුවේ සිටි කම්කරුවෙකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් විරෝධතා හ‍ටගෙන ඇතැයි වාර්තා වේ.

සද්රුදීන් වල්හාරි නම් කම්කරුවෙකු මෙළෙස ඝාතනයට ලක්ව ඇති අතර පොලිසිය පවසන්නේ මක්ලි නගරයේ ගොවිපළක් වටලා ආයුධ සන්නද්ධ කොල්ලකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

එහිදී වල්හාරී නම් කොල්ලකරුවෙකු මියගිය බව පවසන පොලිසිය ගැටුමේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකු මිය ගිය බව ද සදහන් කරයි.

එහෙත්, මියගිය පුද්ගලයාගේ බිරිඳ වන දාදි වල්හාරී මාධ්‍යවේදීන් අමතමින් සදහන් කර ඇත්‍තේ පොලිසිය හේතු නොමැතිව සිය සැමියා ඝාතනය කර මළ සිරුර ද රැගෙන ගිය බවයි.

සිද්ධිය වූ දා සිට ඇය සහ පවුලේ සාමාජිකයන් පොලිස් ස්ථානයට සහ ඉහළ පොලිස් නිලධාරීන්ගේ කාර්යාලවලට නිතර පැමිණිය ද ඔවුන්ගේ පැමිණිළි භාර ගැනීමට කටයුතු නොකළ බවට ද චෝදනාවක් එල්ල වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here