Sunday, September 22, 2024

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වැඩ කරන දින පහ දින හතරහමාරකට බස්සයි

වැඩ කරන සතිය දින 04 යි දින භාගයක් බවට පත්කල පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අනුව 2022 වසරේ ජනවාරි 1 වනදා සිට සතියකට දින හතරහාමාරක කලයක් වැඩ කිරීමේ ක්‍රමවේදයට මාරුවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබේ.

ඒ අනුව වැඩ කරන සතිය සඳුදා ආරම්භවී බ්‍රහස්පතින්දා දක්වා ක්‍රියාත්මකයි.සිකුරාදා වරුවක් – සෙනසුරාදා සහ ඉරිදා දිනයන් සති අන්තය ලෙස සැලකේ.

ඒ අනුව සතිඅන්තය දින දෙකහාමාරක් දක්වා දිගු කර තිබේ.

ඉන් පසු එළඹෙන සිකුරාදා දිනයේ වැඩ කිරීම වරුවක කාලයකට සීමා කරීමටයි එක්සත් අරාබි එමීර් රාජ්‍ය තීරණය කර තිබෙන්නේ.

එසේම සිකුරාදා දිනවල, නම්‍යශීලී වැඩ හෝ නිවසේ සිට වැඩ කිරීමේ විකල්ප තෝරා ගැනීමට සේවකයින්ට අවසර ලබාදී තිබේ.

දැනට ලොව පුරා සම්මත වැඩ කරන සතිය ලෙස සැලකෙන්නේ දින 05 ක කාලයකි.

ජනවාරි පළමුවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පැය 4 යි මිනිත්තු 30 ක් ලෙස  සීමා වනු ඇති බව කියැවේ.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිව ඔවුන් නව සැලසුම ප්‍රකාශයට පත් කර ඇති බව වැඩි දුරටත් පැවසේ.

දිගු සති අන්තයේ අරමුණ වන්නේ සේවක සේවිකාවන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඔවුන්ගේ රැකියාව සමග එදිනෙදා කටයුතු සමතුලිතතාවයෙන් යුක්තව පවත්වාගෙන යෑම වැඩිදියුණු කිරීම බවයි එරට රජය නිවේදනය කරන්නේ.

ගෝලීය දින පහේ සතියට වඩා කෙටි ජාතික වැඩ කිරීමේ සතියක් හඳුන්වා දුන් ලොව පළමු රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්ව තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles