Sunday, September 22, 2024

විදුලිබල සේවකයන් අද දහවල් කොටුවේ විරෝධතාවයක

විදුලිබල සේවකයන් අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

විදුලි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරන්නේ අද(08) දහවල් පැවැත්වෙන එම විරෝධතාවයට විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයන් සහභාගී වන බවයි.

විරෝධතාවයෙන් පසුව ජනාධිපති කාර්යාලයට සංදේශයක් භාරදීමටද බලාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර වැටුප් ගැටලු‍ව මුල් කර ගනිමින් අද දිනයේදී තැපැල් සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර ඇති බවයි තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles