Monday, September 23, 2024

යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම්වලට විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කරයි

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව උදය ගම්මන්පිල , විමල් වීරවංශ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අද (08) සිය විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූහ.

මෙම අමාත්‍යවරු ආණ්ඩු පක්ෂය නියෝජනය කළද යුගදනවි ගිවිසුමට විරෝධය පළකළ අතර ඔවුන් අවධාරණය කරන්නේ එම ගිවිසුම වහාම හකුළා ගත යුතු බවයි.

ඔවුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේ ඒ වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ සහය නොගෙන පෞද්ගලික නීතිඥයින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියේය.

යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් ඇමෙරිකානු සමාගමකට විකිණීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ New Fortress Energy සමාගම අතර ඇතිකරගත් ගිවිසුම් අභියෝගයට ලක්කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles