රොසැල්ල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් එකම පවුලේ මව,පියා සහ පුතා ජීවිතක්ෂයට පත්වෙයි.

0
525

බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ දී අනතුර සිදුව ඇති බවය.

අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ වනවිට මෘත දේහයන් නාවලපිටිය රෝහල වෙත රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

වටවල පොලිසිය සඳහන් කලේ මොවුන් තිදෙනා දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

මියගිය මව සහ පියාගේ වයස අවුරුදු 60ක් පමණ වන අතර පුතාගේ වයස අවුරුදු 41ක් පමණ වන බව අනාවරණ වී තිබෙනවා.

මොවුන් මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මෘත ශරීර නාවලපිටිය රෝහල වෙත ගෙනයාමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර උඩරට මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයට ළගා විමට ප්‍රථම එම තිදෙනා රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයින්ගෙන් දුම්රිය ධාවනය වන වේලාවන් අසා රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට වටවල දුම්රිය ස්ථානය දෙස ගමන් කල බව රොසැල්ල දුම්රිය ස්ථානයේ සේවකයෙකු පැවසිය.

මෙම තිදෙනා දුම්රියට පැන සිය දිවි හානි කර ගත්තාද නැතහොත් දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබදව වටවල පොලිසිය අංශ කිහිපයක්ඔ ස්සේ පරික්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here