තදාසන්න නගරවල පදික වේදිකාවේ නවතා තබන රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක්!

0
523

කොළඹ ඇතුළු තදාසන්න නගරවල රථ වාහන තදබදයක් ඇති වන අයුරින් පදික වේදිකාවේ නතර කර ඇති රථ වාහන ඉවත් කිරීමේ මෙහෙයුමක් අද සිට ආරම්භ කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, පදික වේදිකාවෙහි ගමන් කරන ජනතාවට බාධා වන අන්දමින් සහ රථ වාහන තදබදයක් ඇති වන අයුරින් වාහන නතර කරන බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවයි.

ඒවා සැලකිල්ලට ගනිමින් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බව පොලිසිය සඳහන් කළා.

මෙම මෙහෙයුම මීට පෙර ද ක්‍රියාත්මක වූ අතර කොරෝනා ව්‍යාප්තියත් සමඟ එය තාවකාලිකව නතර කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here