Friday, November 1, 2024

බයිඩන් – පූටින් අතර විශේෂ සාකච්ඡාවක්

රුසියා ඇමෙරිකා ජනාධිපතිවරුන් අතර විශේෂ හමුවක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වා තිබේ.

ඒ යුක්රේනය සම්බන්ධයෙන් මේ වනවිට හටගෙන ඇති මතභේද සමතයකට පත්කර ගැනීම සඳහාය.

රුසියා යුක්රේන දේශසීමා ආසන්නයේ යුක්රේනයට සහාය පළකරමින් නේටෝ සංවිධානය සිදුකරන හමුදා ක්‍රියාකාරකම් ඉහළයාම පිළිබඳ රුසියාව දැඩි විවේචන එල්ලකරයි.

රුසියාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවන පරිදි සිදුකරන මෙම හමුදා ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට රුසියාව ද දේශසීමා ආසන්නයට ලක්ෂයකින් පමණ යුතු හමුදා ඛණ්ඩයක් සේවයේ යොදවා ඇති බවයි වාර්තාවේ.

ලබන වසර මුලදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ සූදානමක් පවතින බවට ද චෝදනා එල්ලවෙයි.

ධවල මන්දිරය නිවේදනය කළේ මේ සම්බන්ධයෙන් ඇමෙරිකා රුසියා ජනාධිපතිවරුන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles