බහුතර කතෝලික ලතින් ඇමරිකාවේ රටවල් අතළොස්සක් පමණක් සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා යොමුව ඇති පසුබිමක දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට ලක්වූ පනතක් චිලී කොංග්‍රසය අඟහරුවාදා අනුමත කළේය. ඒ අනුව සමලිංගික විවාහ නීතිගත කර තිබේ.
ලතින් ඇමරිකානු රටවල් අතර, සමලිංගික ජෝඩුවලට මේ දක්වා විවාහ විය හැක්කේ කොස්ටාරිකාව, ඉක්වදෝරය, කොලොම්බියාව, බ්‍රසීලය, උරුගුවේ සහ ආර්ජන්ටිනාව සහ මෙක්සිකෝවේ ප්‍රාන්ත 32න් 14ක පමණි.
නව පියවරට ජනාධිපති සෙබස්තියන් පිනේරාගේ සහාය ඇති අතර, ඔහු එය නීතියට අත්සන් කිරීම ඉදිරියට සිදුවේ. නව නීති අනුව විවාහක සමලිංගික ජෝඩුවලට දරුවන් හදා ගැනීමට ද අවස්ථාව ලබා දෙනු ඇත.
පනතට අඟහරුවාදා කොන්ග්‍රසයේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙන් හෝ සෙනෙට් සභාවෙන් කොළ එළිය ලැබුණු අතර, පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් 20ට 82ක් ලබා ගනිමින් වහාම අවසන් අනුමැතිය ලබා දෙන ලදී.
දෙසැම්බර් 19 වන දින චිලියේ ජනාධිපතිවරණ තරඟයක් පවතින පසුබිමක මෙම සම්මත කිරීම ඉක්මන්වී ඇත්තේ එක් පිලකට වැඩි වාසි ගන්නටය.
චිලියේ පාලක දක්ෂිනාංශයේ වඩාත්ම ගතානුගතික කන්ඩායම විසින් මෙම ව්‍යාපෘතියට නිරතුරුවම විරුද්ධ වී ඇත, නමුත් කෙසේ වෙතත් විපක්ෂයේ ආධිපත්‍යය දරන කොන්ග්රසය ක්‍රියාවලියේ සෑම පියවරකදීම කැමැත්ත ලබාදී ඇත.