නාවික හමුදාවේ 71 සංවත්සරයට සමගාමීව නාවික නිලධාරීන් සහ නිලයන් කිහිපයකට උසස් වීම්

0
315

නාවික හමුදාවේ 71 වැනි සංවත්සරය අදට (09) යෙදී තිබෙනවා.

එම නිසා නාවික හමුදා නිලධාරීන් සහ සෙසු නිලයන් 1768 උසස්වීම් ලබාදී ඇති බව නාවික හමුදාව නිවේදනය කරනවා.

නාවික හමුදාපති නිශාන්ත උළුගේ තැන්න මහතාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම උසස්වීම ලබා දී තිබෙනවා.

මේ අතර නිලධාරීන් 84 සහ සෙසු නිලයින් 1684 සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා.

71 වැනි සංවස්තරය මෙවර ආගමික වතාවත් වලට මුල් තැන දෙමින්, සම්ප්‍රදායික සැමරුම් උත්සව සියලු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here