ණය ගෙවන්න හැකියාවක් නෑ.ජනවාරියේදී රට බංකොලොත් – හර්ෂ ද සිල්වාගෙන් පාර්ලිමේන්තුවෙිදී හෙළිදරව් වෙයි

0
328

ජනවාරි මාසය වන විට මෙරට ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ගෙවූ පසු ඉතිරි වන්නේ ඩොලර් මිලියන 140 ක් පමණක් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

නමුත් වියදම් කිරීමට හැකියාවක් ඇති මුදල් ප්‍රමාණය ඩොලර් මිලියන සෘණ 437 බවද ඔහු පෙන්වා දෙයි.

පෙබරවාරි මස සිට ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4843ක් බවද කී ඔහු නමුත් මේ මාසය අවසන් වන විට ඇත්තේ ඩොලර් මිලියන එකසිය හතලිහක් නිසා ඉතිරිය ඩොලර් මිලියන සෘණ 4700 යයිද කියා සිටියේය. එනම් එවිට රට බංකොලොත් තත්වයට බවට පත්වන බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here