මත්තල ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට පියවර ගැනේ

0
302

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. ඒ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් මෙන්ම ව්‍යාපාරික ජෙට් යානා ආකර්ෂණය කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කර ගැනීම සදහා සහන රැසක් ලබා දී තිබේ. ගුවන් තොටුපළ අපනයන බද්ද වන ඇමෙරිකානු ඩොලර් 60 ක මුදල වසර දෙකක් සදහා ලබා ගැනීම අත්හිටුවා ඇති අතර ගොඩබෑමේ හා නැවතුම් ගාස්තු වලින් ද ගුවන් සමාගම් නිදහස් කර තිබේ. ඉතා ධනවත් ව්‍යාපාරික පුද්ගලයන් ආකර්ෂණය කර ගැනීම මගින් ව්‍යාපාරික ජෙට් යානා ගෙන්වා ගැනීම සදහා ද සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇතැයි ඇමතිවරයා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here