එලඹෙන පෙබරවාරි මාසයේ චීනයේ බෙයිජිං හි පැවත්වෙන සීත සෟතු ඔලිම්පික් උළෙල වර්ජනය කිරීමට ඇමරිකාව තීරණය කර තිබේ.
කෙසේවෙතත්,මෙය රාජ්‍යතාන්ත්‍රික වර්ජනයක් පමණක් වන අතර එහිදී උළෙලේ සමාරම්භක සහ අවසන් අවස්ථා වර්ජනය කිරීමට ඇමරිකානු බලධාරීන් විසින් වර්ජනය කරනු ඇත.
ඇමරිකානු ක්‍රීඩකක්‍රීඩිකාවන් උළෙල සදහා සහභාගීවීම සිදුවන අතර ඒ සදහා මෙම වර්ජන තීරණය බලනොපාන බව පැවසේ.
මේ අතර චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලීජියෑන් සදහන් කර ඇත්තේ ඇමරිකාවේ මෙම වර්ජනය සිදුකළහොත් තමන් ද ඊට සුදුසු ආකාරයකින් ප්‍රතිචාර දක්වන බවයි.