අද සිට කොළඹදී 30 ට වැඩි පුද්ගලයින්ට ෆයිසර් බූස්ටර් මාත්‍රාව ලබාදෙයි

0
267

වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට කොළඹ නගරයේදී ඇරඹෙන බව කොළඹ මහනගර සභාව පවසනවා.

ඒ අනුව බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මෙි අතර ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ එන්නත් පිළිබඳ මෙහෙයුම් කමිටුව සහ  ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අනුමැතිය ලබා දී ඇතැයි එම විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා  පැවසීය.

ඒ අනුව ගර්භනී කාලය මාස 6 ට වැඩි ගැබිනි මවුවරුන්ට බූස්ටර් එන්නත ලබාදිමට මෙලෙස අනුමැතිය දී ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

මේ දක්වා කොවිඩ් ආසාදිතවීමෙන් ගැබිනි මවුවරුන් 60ක් මියගොස් ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here