චමල් රාජපක්ෂගෙන් පී.බි. ජයසුන්දර හොඳට අහ ගනී

0
281

අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දවසක ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා ඇත. මීට හේතු වී ඇත්තේ පොහොර හා විදේස්ගත ශ්‍රී ලාංකිකයන් විදෙස් විනිමය ශ්‍රී ලංකාවට එවීමේදී ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයයි.


දේශපාලන ආරංචි මාර්ග පවසන පරිදි පී.බී. බැනුම් අසා ඇත්තේ ජනාධිපතිවරයා ඉදිරිපිටදී ජනාධිපති කාර්යාලයේදීය. පසුගිය දා පැවැති කැබිනට් රැස්වීමට පෙර පී.බී. ජනාධිපතිවරයා සමග කැබිනට් පත්‍රිකාවලට අත්සන් තබමින් සිටින අවස්ථාවේදී මහින්ද, චමල් ඇතුළු රාජපක්ෂ පවුලේ කීප දෙනකු ජනාධිපතිවරයාගේ කාර්යාලයට ඇතුළු වී තිබේ.


මෙහිදී සිය වැඩිමහලු සොහොයුරා දෙස බැලූ ජනාධිපතිවරයා ‘ආ… ලොකු අයියා අපේ මන්ත්‍රිවරු ලේකම්තුමා ගැන කියන කතා කියන්නකෝ’’ යනුවෙන් සිනාසෙමින් පවසා ඇත. ලද ඇසිල්ලෙන් ප්‍රයෝජන ගත් චමල් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පී. බී. ගැන කියන කතා වක්කඩ කැඩුවාක් මෙන් එක දිගට කියාගෙන ගොස් තිබේ. ‘‘අවුරුදු 20ක් තිස්සේ ඔයා දාපු සෙල්ලම් නිසා තමයි මේ රටටත් ආණ්ඩුවට මේ නස්පැත්තිය වෙලා තියෙන්නේ කියලා ආණ්ඩුවේ මන්ත්‍රිවරු කියනවා. ඒ විතරක්ද ඔබතුමා කරන දේවල් වලට මිනිස්සු පතුරු ගහන්නේ ජනාධිපතිතුමාව.’’

චමල්ගෙන් හොඳට අහගත්ත පී.බී.පසුව රජයට සමිබන්ධ දේශපාලනඥයින් කීප දෙනකුටම දුරකතන ඇමැතුම් ලබා දෙමින් තමන් මේ තනතුරින් ඉල්ලා අස්වන බව සඳහන් කර ඇත.
– Aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here