Tuesday, September 24, 2024

ලෝකයේ වෙනස් සිතුවිලි ඇති මිනිසුන් මිනිසුන්ට සියදිවි හානි කරගැනීමට නීති සැකසීය

මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබාදීමට හැකි නවීන තාක්ෂණික යන්ත්‍රයක් භාවිතයට ස්විට්සර්ලන්තය නීත්‍යනුකූල අවසරය ලබා දී ඇත.

මෙම යන්ත්‍රය SARCO CAPSULE නමි වෙි.මෙහිදී සිදු වන්නේ ඔබව කෝමා තත්ත්වයකට පත් කර ඔක්සිජන් මටිටම එකවර පහත හෙළීමයි.එමගින් එම පුද්ගලයාට විනාඩි 5 ක් වැනි කාලයකදී මරණය ලබා ගත හැකිවෙි.

ස්විට්සර්ලන්තය තුළ යමෙකුට සිය දිවි හානි කරගැනීමට අවශ්‍ය නම් එයට අවශ්‍ය නීතිමය අවසරය යටතේ මෙම උපකරණය තුළ වේදනාවෙන් තොරව ක්ෂණිකව ජීවිතය අහිමි කරගත හැක.

පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුල හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබේ.

විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසුවුවද, ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට පවා ඊට ඇති හැකියාවය.

මෙහිදි මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවමයකට ගෙන ඒම මගිනි. රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්ස්‍යූලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ පවසයි.

Exit International නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා වන වෛද්‍ය නිට්ෂ්කේ පවසන්නේ ‘සාකෝ’ ලෙස හැඳින්වෙන තමන්ගේ මෙම නිර්මාණය ‘මරණය ගෙනදෙන ගෑස් කුටියකට’ වඩා වැඩි දෙයක් නොවන බවට පවා විවේචන එල්ලවන බවයි.

සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස පවා ගැරහුම් එල්ලව තිබෙන සාකෝ යන්ත්‍ර ලබන වසර වනවිටම ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කරයි.

“ලෝකයේ වෙනස් සිතුවිලි ඇති මිනිසුන් මිනිසුන්ට සියදිවි හානි කරගැනීමට නීති සැකසීය”

Aruna

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles