Tuesday, September 24, 2024

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු දිවි ගමනට සමු දෙයි

ප්‍රවීන සිනමා නළුවෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ සුනිල් සෝම පීරිස් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු යන විරුධාවලියෙන් ද ඒ හඳුන්වනු ලැබුවා.

චිත්‍රපට 54 කට අධ්‍යක්ෂණයෙන් දායක වූ ඒ මහතා ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට ඒ අතරින් කිහිපයක් වනවා.

එමෙන්ම 2010 වසරේ දී ජයපිට ජය චිත්‍රපටය ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපටයයි.

චිත්‍රපට අංගනය සඳහා විජය කුමාරණතුංග සහ ගීත ගායනය සඳහා එච්. ආර්. ජෝතිපාල දායක කරගැනීම හේතුවෙන් සුනිල් සෝම පීරිස් මහතාගේ චිත්‍රපට ආදායම් වාර්තා තැබීමට ද සමත් වූ බවයි වාර්තා වන්නේ. 

මීට අමතරව දමිල සහ හින්දි යන චිත්‍රපට අනුකරණය කළ ද ඒවා නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේ හැකියාවක් ඒ මහතා සතු බව සඳහන්. 

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වූ ඒ මහතා මහරගම වත්තේගෙදර පදිංචිව සිටි අතර මියයන විට 72 වන වියෙහි පසුවුණා. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles