ප්‍රියන්ත කුමාරගේ පවුලට සජිත්ගෙන් ලක්ෂ 20 ක්

0
306

පාකිස්තානයේ සියල්කොට් හිදී අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට දෙවැනි වරටත් ඊයේ (10) විපක්ෂ නායකතුමා පැමිණි අතර ප්‍රියන්ත මහතාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලක්ෂ 10 බැගින් වූ මූල්‍ය පරිත්‍යාග දෙකක් සිදු කළේය.

මෙහිදී එක් දරුවකුගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ චූදිතයින්ට එරෙහිව සිදුවන විමර්ශන කටයුතු පිළිබඳව සමගි ජන බලවේගය නිරන්තර අවධානයෙන් සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා,අතිශය සාධාරණ පරීක්ෂණයක් තුළින් වැරදිකරුවන්ට නිසි දඩුවම් පැමිණවීමට පාකිස්ථාන රජය කටයුතු කරනු ඇතැයිද පැවසීය.

ප්‍රියන්ත කුමාර මහතාගේ දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සහයෝගය ඉදිරියටත් ලබා දෙන බවද එහිදී විපක්ෂනායකතුමා සහතික විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here