උත්සව සමයේ කොවිඩ් පැතිරීම වැළක්වීමට එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවධානය

0
280

පොදු ස්ථානවලට ඇතුල් වීම සඳහා කොවිඩ් 19 එන්නත ලබා ගැනීම අනිවාර්ය කිරීමට ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අවධානය යොමු කර තිබේ.

ඒ අනුව එන්නත් නොගත් අය පොදු ස්ථාන වලට ඇතුළු වීම වැලැක්වීම සඳහා නීති උපදෙස් ගෙන තිබෙන බව සඳහන්.

කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්වීම සඳහායි රජය මෙම තීරණයට එළඹ ඇත්තේ.

ඒ අනුව පොදු ස්ථානවලට ඇතුල් වීමේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට උක්ත කමිටුව තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here