විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුවෙන් නියාමන ක්‍රියාමාර්ග ගැනේ

0
331

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ අනුව වෙන්නප්පුව සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ආයතන 4ක් විධානයන්ට අනුගත වී නොමැති බව දැනට අනාවරණය වී ඇති අතර නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලද බවයි මහබැංකුව සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here