බූස්ටර් එන්නත ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

0
639

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම්, සිනොවැක් හා ඉන්දියාවේ කොවැක්සින් වැනි නිෂ්ක්‍රීය කොවිඩ් මර්දන එන්නතක මාත්‍රා දෙකම ලබාගත් පිරිසට බූස්ටර් කොවිඩ් එන්නත් ලබාගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ලබාදී තිබේ.

නිෂ්ක්‍රීය කොවිඩ් මර්දන එන්නත් නිපදවන්නේ, සාර්ස් කොව් ටූ වෛරසයේ නිෂ්ක්‍රීය හෝ යම් රසායනික ක්‍රමවේදයක් යොදාගෙන මරාදැමූ වෛරස භාවිතයෙනි.

එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ ඌණ ප්‍රතිශක්තියක් සහිත පිරිස් වෙතද බූස්ටර් මාත්‍රාවක් ලබාදීම සුදුසු බවය.

කොවිඩ්කාරක වෛරසයේ පරිණාමය සමග එන්නත්වලින් හිමිවන ප්‍රතිශක්තිය පහළයාමේ අවදානමක් මතුවීම සලකා එම සංවිධානය මෙම නිර්දේශ නිකුත් කර ඇත.

මේ අතර නව කොවිඩ් ඖෂධ දෙකක් සඳහා චීනයේ අනුමැතිය හිමිව තිබේ.

මෙසේ අනුමැතිය හිමිව ඇත්තේ කොවිඩ් වැලඳී සුවය ලැබු රෝගීන්ගෙන් ලබාගත් ප්‍රතිදේහ යොදාගෙන නිෂ්පාදනය කළ BRII-196 සහ BRII-198 ඖෂධ දෙවර්ගය සඳහාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here