බූස්ටර් අධි මාත්‍රා (Booster) එන්නත ගැන ජනපතිගෙන් නියෝගයක්

0
285

එළැඹෙන උත්සව සමයේදී කොවිඩ් ව්‍යාප්තිය පාලනය  කිරීමේ පූර්ව සැලසුමක් ලෙස  අධි මාත්‍රා එන්නත (Booster) ඉදිරි දෙසතියේදී  ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  කොවිඩ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට  උපදෙස් දුන්නේය.

කොවිඩ්  මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ රැස්විය .

දෙවන මාත්‍රාව  ලබාගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලු දෙනා අධි මාත්‍රාව ලබාගැනීමට සුදුසුකම් ලබන බවත්   ඕනෑම ස්ථානයකින් අද (11) සිට දිනපතා අධි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සලසා ඇති බවත්  කොවිඩ්  කමිටුව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here