ශ්‍රී ලංකාවේ කර්මාන්තපුරවල සිටින ආයෝජකයන් හා කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජාතික කමිටුවක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලු සාකච්ඡා කොට, ඒ සඳහා විසඳුම් ලබාගැනීමත්, ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී කර්මාන්තකරුවන්ගෙන් තොරතුරු ලබාගැනීමත් අරමුණු කරගනිමින් මෙම ජාතික කමිටුව පිහිටුවා ඇති බව එම අමාත්‍යාංශය කියයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, සියලුම කර්මාන්තපුරවල ආයෝජකයන්, කර්මාන්තකරුවන්, කර්මාන්තපුර සඳහා යටිතල පහසුකම් සපයන්නන්, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් මෙම ජාතික කමිටුව නියෝජනය කරනු ඇත.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ස.තො.ස. ශ්‍රවණාගාරයේදී මෙම කමිටුව පිහිටුවනලද අවස්ථාවේදී මූල්‍යමය, පාරිසරික, අමුද්‍රව්‍ය සපයාගැනීම, වෙළෙඳ පොළ සපයාගැනීම, සේවක, බලශක්තිය, වරිපණම්, බදු ගෙවීම, විදුලි බිඳවැටීම්, අපද්‍රව්‍ය පිරිපහදු කිරීම වැනි හඳුනාගත් පොදු ගැටලු රැසක් සඳහා අවධානය යොමුකළ අතර එම ගැටලු සඳහා විසඳුම් ලබාදීමද සිදුවී තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන්, රාජ්‍ය අමාත්‍ය ලේකම් සන්ධ්‍යා විජේබණ්ඩාර, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, ආයතන ප්‍රධානීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ. ada