Monday, September 23, 2024

ශිෂ්‍යත්වය සමත් දරුවන් ට ජනප්‍රිය පාසල් ලබාදීම ගැන අභියාචනාධිකරණයට පෙත්සමක්

ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම කඩඉම් ලකුණු ලබා සමත් වන සිසු සිසුවියන්ට ජනප්‍රිය පාසල් ලබා දීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් ජනවාරි මස 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම් ඊයේ (10) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම ජනවාරි මස 19 වනදා විභාගය සඳහා කැඳවන බවය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළම ලකුණු ලබාගෙන සමත් වූ සිසු සිසුවියන් දස දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමව්පියන් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම්වලින් ඔවුන් චෝදනා කර තිබුණේ තම දරුවන් ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වී තිබුණද තම දරුවන්ට ජනප්‍රිය පාසල් ලබාදීමට පියවර ගෙන නොමැති බවය.

එබැවින් ඉහළම ලකුණු ලබා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන දරුවන්ට ජනප්‍රිය පාසල් ලබා දීමේ විධිමත්ව පිළිවෙලක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලමින් එම පෙත්සම ඉදිරිපත් කර තිබුණි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles